I made this widget at MyFlashFetish.com.

Friday, August 12, 2011

මෙන්න මුදල් සොයන අලුත්ම විදිය

මෙන්න මුදල් සොයන අලුත්ම විදිය මෙතැන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න
පහත විස්තරය කියවන්න තේරැම් ගන්න අපහසු නම් සිංහලෙන් මගෙන් අහන්න කියන්නම්

Dear Friend,


Please follow instruction below.

Click & register as my referral on this link below:


On that page you click on "Create a Free Account" below fill out a simple form, and done!

Now if you look at the bottom appear

"The Following Surveys Are Available:

Welcome Survey - A $ 6.00 Website Evaluation is Available.
-A $ 4.00 Website Evaluation is Available.
-A $ 4.00 Website Evaluation is Available.
-A $ 4.00 Website Evaluation is Available.
-A $ 4.00 Website Evaluation is Available.
-A $ 4.00 Website Evaluation is Available.
-A (current month registration) Bonus Website Evaluation is Available.

Click to give each of them when appears this page with 2 questions Put a response either, for example "very good page" then click on the last option. And all you have to do is repeat that until you finish all the questions.

Once you have given everything, you'll realize that raising money is exactly something like 25 to 27 dollars

A. W. Survey My Stats
Total Surveys $ 0Total
Referrals + $ 0
Total Amount $ 0
Total Redeemed - $ 0
Current Balance $ 0 ---> 25 or 27 dollars

Now you have 25 or 27 dollars.

Now you need to send that money to your Paypal account and for that you have requested a minimum $75, and the question is how you do get the approximate $50 missing? The answer here:

Just below are a link "Refer Friends and Earn 1.25 per Friend" and send to at least 50 e-mails. 50x1.25 = more than 50 dollars.

Below click where it says "Redeem Money" and it will say your PAYPAL or ALERTPAY account and be credited. Now you will have money in your account to make what you want. Not difficult.

Friday, August 5, 2011

නිකන් ඉඳන් සල්ලි හොයන්න කැමතිද?

නිකන් ඉඳන් සල්ලි හොයන්න කැමතිද?
අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් අලුත්ම ක්‍රමයක් ගැනයි.ඇත්තම කිව්වොත් මේක පොඩි Web-based Application එකක්.අපි මේ ඇප් එක අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේක වැඩකරන්නේ මෙහෙමයි.මේ ඇප් එක අපේ පරිගනකයේ තියෙන අමතර ධාරිතාවය භාවිතයට ගෙන ඒවා තනි පරිගනක ජාලයකට එක් කරනවා.මේ වගේ පරිගනක රාශියක ධාරිතාවය එක්වූ විට මේ ජාලයේ ධාරිතාවය ඉතාම විශාල එකක් වෙනවා.ඊට පස්සෙ පර්යේශකයො එහෙම මේ ජාලය මුදල් ගෙවා බදු ගන්නවා.ඊට පස්සේ මේ ජාලයේ අයිතිකරුවෝ මේ මුදලෙන් කොටසක් අපට ලබාදෙනවා.අපට ලැබෙන්නේ මෙහෙම ලැබෙන මුදලයි.මේ ක්‍රමයට අමතරව ඔවුන් අපට දැන්වීම් පෙන්වීමෙන්ද මුදල් උපයාගන්නවා.මේ මුදලුත් ඔවුන් අපට ලබාදෙනවා.ඊට පස්සේ කියන්න ඕන මේ ක්‍රමය 100% නීත්‍යානුකූලයි.තවද මේ අඩවිය නිර්මානය කර තිබෙන්නේ Mylot.com හි අයිතිකරුවන් නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.හරියට වෙලාවට සල්ලි ගෙවනවා .ඔබටත් මේ අඩවියට එකතුවෙන්න ඕනනම් මේ පහල තියෙන එක ක්ලික් කරන්න.
(මෙතන ක්ලික් කරන්න)



Tuesday, August 2, 2011

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු


ලිපි මාලා අංක 25දැන් මේ ලිපිය කියවන‍ ගොඩක් අය මීට කලින් අපේ මේ ලිපි පෙළේ පළවුනු අනිත් ලිපි හැම එකක්ම කියවලා ඇති කියලා හිතනවා. (එහෙම කියවලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතනට ගිහින් කියවන්න) ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට වඩා, මෙවැනි අන්තර්ජාල ගණුදෙනු ගැන පාඨකයාගේ හිතේ ඇති බොරු බිය නැති කරලා මෙවැනි අන්තර්ජාල ගණුදෙනු වලට පඨකයාව හුරු කරවන්නයි කියන එක. ඒ නිසාමයි eBay ගිණුමක් හදාගන්නා විදිය, PayPal ගිණුමක් හදාගන්නා විදිය වැනි පුංචි පුංචි දේවල් ගැන මේ ලිපි මාලාව හරහා කියා නොදුන්නෙ. මොකද එවැනි දේවල් ඕනම කෙනෙක්ට ස්වඋත්සාහයෙන් කරගන්න පුළුවන් දේවල්. eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න ආකාරය මේ ලිපි මාලාව හරහා කියා දුන්නෙත් තෝරගත්තු භාණ්ඩයක් ඇණවුම් කර මිලදී ගන්න විදිය කියා නොදුන්නෙත් මෙන්න මේ කාරණය නිසාමයි. මොකද තමන්ට අවශ්‍ය භාණ්ඩය තෝරා ගත්තු කෙනාට ඕකෙ Buy it Now බොත්තම ඔබලා Payapal username password දීලා Paypal වෙතින් මුදල් ගෙවන එක ආයෙ අමුතුවෙන් කියා දිය යුතු දෙයක් හැටියට නෙමෙයි මම දැක්කෙ.

නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.



eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?

  • eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?
  • එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
  • අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.


eBay වෙන්දේසියක් (Auction එකක්) සාමාන්‍ය වෙන්දේසියකින් වෙනස් වෙන්නෙ කොහොමද?
  • සාමාන්‍යයෙන් සැබෑ ජීවිතේ වෙන්දේසියක් සිදු කරන්නෙ යම් පුද්ගලයෙක් මැදිහත් වෙලා. ඒ පුද්ගලයා වෙන්දේසියෙ ආරම්භක වටිනාකම පැවසුවායින් පසුව ගැනුම්කරුවෙකුට පුළුවන් ඊට වැඩි අගයක් පවසලා ලංසුවක් තබන්න. ඊටපසු තවත් වෙනත් ගැණුම්කරුවෙකුට පුළුවන් ඊටත් වැඩි අගයක් පවසලා වැඩි ලංසුවක් තබන්න. මෙසේ කෙමෙන් මෙන් එම භාණ්ඩයේ වටිනාකම වැඩි වෙලා අවසානයේ එම භාණ්ඩය හිමිවෙන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙස මැදිහත්කරු පවසත්දිත්, කිසිවෙකුත් තවත් ලංසු තබන්නට ඉදිරිපත් නොවුනහොත්, එම භාණ්ඩයට වැඩිම ලංසුව තැබූ ගැණුම්කරුටයි.
  • eBay තුළ වෙන්දේසි වලදි මෙලෙස පුද්ගලයෙක් මැදිහත් වෙන්නෙ නෑ. eBay වෙන්දේසි සිදුවෙන්නෙ යම් කාල සීමාවක් උපයෝගී කරගෙන. eBay තුළ සෑම වෙන්දේසියකටම එම වෙන්දේසිය අවසන් වන නිශ්චිත වේලාවක් (ending time එකක්) තිබෙනවා. වෙන්දේසිය (Auction එක) අවසානයේ භාණ්ඩය හිමිවෙන්නෙ මෙන්න මේ වේලාව වෙද්දි භාණ්ඩ සඳහා වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසානයේ භාණ්ඩය මිල දී ගත හැක්කේ කාටද?
  • ඉහතදී සඳහන් කළ පරිදි අවසානයේ භාණ්ඩය මිලදී ගත හැකි වන්නේ වෙන්දේසිය (Auction එක) අවසන් වන වේලාවෙදි වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි.

යම් භාණ්ඩයක වෙන්දේසිය අවසන් වල වේලාව අපි දැනගන්නෙ කොහොමද?
  • මෙයත් භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් වී තිබෙනවා. බොහෝ විට මෙය සඳහන් වෙන්නෙ වෙන්දේසිය අවසන් වීමට ඉතිරි වී ඇති කාලය, එනම් Time left format ලෙසින්.
  • අවශ්‍යවනම් මෙය වෙන්දේසිය අවසන් වන දිනය සහ වේලාව‍ ලෙසින් දැකගන්නත් ඔබට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ Custom view වෙත ගොස් 'Show time in:' යන පසුතලය (setting එක) Date format ලෙස වෙනස් කිරීමෙන් පුළුවන්. [3]


ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතාම අඩුයි. මෙසේ වන්නේ කොහොමද?
  • මෙලෙස ඉතා අඩු‍වෙන් සටහන් වෙන්නෙ ඇත්තටම ඒ භාණ්ඩයේ විකුණුම් මිල නෙමෙයි. එලෙස සටහන් වෙන්නෙ එ‍ම භාණ්ඩය සඳහා මේ වන විට තබා ඇති වැඩිම ලංසුවයි (current bid එකයි). Auctions එකක් ආරම්භ කළ සැනින් ඕනෑම භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්‍ර ලෙස වැඩි වෙන්නෙ Auction එකක් අවසාන වන අන්තිම විනාඩි කීපයෙයි.

අපිට Auction එකකට bid කරන්න පුළුවන් කොයි වෙලාවෙද?
  • Auction එකක් ආරම්භ කළායින් පසු ඕනෑම වේලාවක (එනම් search results list එකක ඇති ඕනෑම Auction භාණ්ඩයකට) අපිට bid කරන්න පුළුවන්. නමුත් එලෙස bid කළ භාණ්ඩයේ Auction එක අවසන් වන තෙක් අපි අවධානයෙන් සිටිය යුතුයි.

ඉක්මණින් අවසාන වන Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අපට ලබාගන්න බැරිද?
  • පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබේ භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුව (search results list එක) Time: ending soonest ලෙස sort කිරීමයි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ කොහොමද?
  • යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid සහ Your max bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. You max bid යන තැන අපිට අපේ වැඩිම bid එක සඳහන් කර Place bid බොත්තම ඔබා අපේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.


Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?
  • මෙහෙමයි. ඔබ Your max bid එක ලෙස කුමන අගයක් තැබුවත්, ඔබ bid කළායින් පසුව ඒ භාණ්ඩයේ Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අගයයි. (වෙන අයෙක් ඊට වැඩි අගයක් max bid ලෙස තබා නොමැතිනම්) ඔබ max bid ලෙස සඳහන් කළ යුත්තේ ඔබට එම භාණ්ඩය සඳහා වියදම් කළ හැකි වැඩිම අගයයි. එනම් වෙනත් ගැනුම්කරුවෙක් ඔබ bid කළායින් පසුව ඇති current bid එකටත් වඩා වැඩි අගයක් bid කළහොත්, ඔහුගේ එම bid එකට වැඩි අගයක් ඉබේම අපේ නමින් bid වෙනවා. ඔහු ඊටත් වැඩි අගයක් නැවත bid කළොත්, නැවතත් ඔහුගේ bid එකට වැඩි අගයක් අපේ නමින් bid වෙනවා. මෙලෙස අප තැබූ max bid අගය වන තෙක්ම මෙලෙස අප වෙනුවෙන් bid කිරීම eBay අඩවිය විසින් සිදුකරනු ලබනවා.

අවසානයේ අපට භාණ්ඩය දිනාගත හැකි වන්නේ කොහොමද?
  • Auction එක අවසාන වල වේලාව වන විටත්, ඔබ තැබූ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් කිසිම ගැනුම්කරුවකු විසින් bid නොකෙරුවහොත් ඔබට එම භාණ්ඩයේ දිනුම (භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව) හිමිවෙනවා. මෙලෙස ඔබ දිනා ගත් භාණ්ඩය මිලදී ගැනීමේදී ඔබට ගෙවන්නට සිදුවෙන්නෙ ඔබ තැබූ max bid අගය හෝ ඊට අඩු අගයක් පමණයි.
භාණ්ඩයක් අප දිනූ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.




අපේ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් ගැනුම්කරුවකු bid ක‍ළහොත්?
  • මෙසේ වුවහොත් ඒ බව අපව eBay අඩවිය මඟින් email එකක් එවීමෙන් දැනුවත් කරනවා. ඉන්පසු අපට අවශ්‍යනම් අපේ max bid අගය නැවතත් වැඩි කරන්න පුළුවන්.

වෙනත් ගැනුම්කරුවකු අපේ bid එකට වඩා වැඩි අගයක් bid කළ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.



අප bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීම අනිවාර්යයිද?
  • ඔව්. අප යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩයේ දිනුම හිමිවුනොත් අප එම භාණ්ඩ මිලදී ගැනීමට බැඳී සිටිනවා.

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?
  • මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.

Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
  • ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
  • Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
  • ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
  • ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.


ඔන්න එහෙනං අද කුප්පියත් ඉවරයි. සෑහෙන්න දිගයි නේද අද ලිපිය?  මොනාකරන්නද ඉතිං මේ ගැන කියන්න තියෙන දේවල් ඔක්කොම ටික කියන්න එපැයි. ඉතිං ඔන්න දැන් අපේ eBay කුප්පි මාලාවෙ භාණ්ඩ මිලදී ගැනීම (buying) ගැන syllabus එක නම් ගොඩක් දුරට cover වගේ. 
 තව මේ ගැන දැනගන්න ඕනා දේවල් එහෙම තියෙනවනම් කියන්න. එහෙමවුනොත් ඒ දේවල් කැටි කරලා ආයෙමත් කුප්පියක් දාන්නම්. eBay කුප්පි මාලාවෙ භාණ්ඩ විකිණීම ගැන syllabus එක තමයි ඉස්සරහට තියෙන්නෙ. ඉතිං ඒ දේවල් ගැන පුංචි බලාපොරොත්තුවකුත් ඔබේ හිතේ ඇතිකරලා අදට මේ ලිපිය නිමා කරනවා
.


eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු

ලිපි මාලා අංක 24
eBay ගැන පළවෙනි ලිපිය ලියද්දි මං හිතුවෙ අපේ කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මං ඒ වෙද්දි eBay වෙතින් ගෙන්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල සේයාරුවක් එහෙම දාලා ඒ බය නැති කළා. මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ට‍ය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට.  හුඟ දෙනෙක් ප්‍රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා.

මුලින්ම කියන්නෝන තාම මේ‍ වෙනකල් මට නම් කවදාවත් eBay වෙතින් භාණ්ඩ ගෙන්වලා tax ගෙවන්න වෙලා නෑ.  හැබැයි ඒකට හේතුව මං ඔය ලොකු ලොකු ගණන්වල භාණ්ඩ නොගෙන්වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට eBay වෙතින් පොඩි පොඩි භාණ්ඩ 100කට වඩා ගෙනවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි නෑ. ගෙන්වපු වැඩිම එක $53.88 යි. මේ තියෙන්නෙ ඒක. Box එකත් එක්කමයි ආවෙ. Tax නං වැදුන්නෑ, ලියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා. 

(RAM එකක් ළඟින් තියලා තියෙන්නෙ box එකේ size එක ගැන අවබෝධයක් ගන්න හොඳේ. 
නැතුව මේ පෙට්ටියෙ ආවෙ RAM එකක් නෙමෙයි.  )

ඉතිං ඒ නිසා tax ගෙවීම පිළිබඳව පෞද්ගලිකව මට නම් අත්දැකීම් නෑ. ඒ නිසා අද මේ ලියන දේවල් වලට පදනම් වෙන්නෙ eBay වෙතින් ගෙන්වපු නොයෙක්විදියෙ භාණ්ඩ සඳහා tax ගෙවලා අත්දැකීම් බහුල ලෝහිත නම් සොයුරා අපගේ පසුගිය eBay ලිපි සඳහා ප්‍රතිචාර එක්කරමින් අප සමඟ බෙදාගත් අත්දැකීම් සහ තොරතුරුයි. ඉතිං ඒ තොරතුරු සැපයීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය ලෝහිත සොයුරා හට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන් ඔහු‍ට මාගේ අවංක ස්තූතියත් පිරිනමන්න කැමතියි. 

දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.

eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?
  • කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?
  • eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා. (මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.) මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ  ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.
 භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

    බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?
    • සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

    බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?
    • මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට මෙතැනින් දැක බලා ගැනීමටත්, මෙතැනින් බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

    බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?
    • මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.

    භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?
    • ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

    බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?
    • ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

    eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?
    • පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

    ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?
    • ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

    TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?
    • මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.


    ඉතිං ඔන්න අදට කුප්පිය අවසානයි. මං හිතනවා ඔන්න දැන් කට්ටියගෙ tax ගැන තිබ්බ බයත් නැති වෙන්න ඇති කියලා.  අපි බය වෙවී හිටියොත් කවදාවත් අපිට මේවයින් ඵල ප්‍රයෝජනයක් ලබාගන්න බෑ. ඒ නිසා ඔය තියෙන බිය සැක සංකා ඔක්කොම දුරු කරගෙන eBay සමඟ හිතේ හැටිය‍ට ගණුදෙනු කරන්න. මේ ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ Sri Lankan eBayers Facebook Pageඑක හරහා ඔබ මිලදී ගත් භාණ්ඩ පිළිබඳව සහ ඔබේ eBay සම්බන්ධ අත්දැකීම් පිළිබඳවත් තොරතුරු බෙදාහදා ගන්න. ඒ තොරතුරු අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 

    තව අලුත් ආරංචියක්. සම්පත් Webcard එකට අමතරව ඔන්න දැන් අපිට අන්තර්ජාලීය ගණුදෙනු කරන්න පුළුවන් තවත් Debit Card එකක් ඇවිල්ලා. ඒ තමයි HNB Visa International Debit Card එක. ඔන්න ඔය කඩ්පතේ වාසි අවාසි සහ ඔබ දැනගත යුතු තවත් බොහොමයක් තොරතුරුත් අරං හැකි විගසින් ඊළඟ කුප්පිය දාන්න මං එනවා ළඟදිම. එතෙක් ඔබට ආයුබෝවන්!


    මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?

    ලිපි මාලා අංක 23ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ‍ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ. 

    කුප්පිය පටන් ගන්න කලින් තව සුභ ආරංචි ටිකකුත් තියෙනවා කියන්න. අපේ මේ eBay ලිපි පෙළ මුල ඉඳලම කියවලා eBay වෙතින් ගණුදෙනු කිරීම ආරම්භ කරපු ගොඩදෙනෙක්ට දැන් එයාලා මිලදී ගත්ත භාණ්ඩ ගෙදරටම ඇවිල්ලා. ඒ පිළිබඳ ගොඩ දෙනෙක් අපේ පහුගිය ලිපි වලට ප්‍රතිචාර එක් කිරීමෙන් වගේම fb හරහා සහ email එවීමෙනුත් මාව දැනුවත් කරලා වගේම ස්තූති කරලා තිබුනා.  ඉතිං තමන් කාලෙකට ඉහතදි ප්‍රයෝජනයක් ගත්තු දෙයක් ගැන ඒ ප්‍රයෝජනේ ලැබුණයින් පස්සෙ ඇවිත් කියලා යන්න වගේම ස්තූති කරලා යන්න තරං කෘතඥ වුනු ඒ සියලුම දෙනාට මං මේ වෙලාවෙ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් කවුරුම හරි කෙනෙක් ප්‍රයෝජනයක් ලබනවනම් මටත් ගොඩක් සතුටුයි. ඉතිං තමන් මිලදී ගත්තු භාණ්ඩයක් තමන්ගෙ ගෙදරටම ආවම ඔයාලට දැනුණු සතුට මාත් එක්කත් බෙදාගත්ත එත ගැන ආයෙමත් සැරයක් ඒ අයට ස්තූතියි. 

    තව පුංචි කණගාටුදායක දෙයකුත් තියෙනවා කියන්න. පසුගිය දවසක ප්‍රසිද්ධ ලාංකීය ෆෝරමයක eBay සම්බන්ධව මං ලියපු පළමු ලිපි 2 ම එහෙම්පිටින්ම පිටපත් කරලා පළ කරලා තිබුණා කව්රු හෝ කෙනෙක්. මගේ බ්ලොග් සටහනට සබැඳියක් (link එකක්) තියා ඒ ගැන කිසිම සඳහනක්වත් නොමැතිව හරියට තමන් ලියපු ලිපියක් වගේ තමයි ඒ ලිපි 2 පළ කරලා තිබුනේ. අනුන්ගෙ ලිපි වලින් ලකුණු දාගන්න හදන ඒ වගේ අය ගැන නම් මට හරිම කණගාටුයි.  කොහොමනමුත් ඒ ත්‍රෙඩයට ලැබී තිබුණු ප්‍රතිචාර වලින් බොහෝමයක් දෙනා කියලා තිබුණා මේක මගේ බ්ලොගයෙන් පිටපත් කළ එකක් බවත් එසේ කිරීම නොහොබිනා බවත්. ඉතිං ඒ ගැන නම් මට පුංචි සතුටක් දැනුනා බහුතරය සත්‍යය දන්න එක ගැන. ඒ වගේම එම ත්‍රෙඩය සම්බන්ධව නිසි ආකාරව දැනුම් දීමෙන් පසු ඒ ත්‍රෙඩය විගස මකා දැමීමට කාරුණික වුනු එම ෆෝරමයේ Admin වරයාටත් මේ අවස්‍ථාවෙ මං ස්තූතිවන්න වෙනවා. මමත් ඒ ෆෝරමයට ඉඳහිට ගොඩවෙන කෙනෙක් නිසා මං තීරණය කළා මිංපස්සෙ මං ලියන ලිපි ගැන මංම ඒ ෆෝරමය තුල දැනුම් දීමක් කරනවා කියලා. එතකොට මෙවැනි සිදුවීම් ඉබේම වැළකේවි. 

    අද කුප්පිය පටන් ගන්න කලින් මට කලින් කුප්පි වලදි කියන්න අතපසු වුනු දේවල් 2 ක් තියෙනවා ඔයාලා කලබල වෙන්න ඉඩ තියෙන. ඉතිං ඒ නිසා දැන්ම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.


    1. ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ කාඩ්පත් PayPal වෙත link කළත් එම කාඩ්පත් වල ඇති ශේෂය දැනගන්න PayPal ට හැකියාවක් නෑ. ඒ නිසයි ඔහොම පෙන්වන්නෙ. නමුත් ඔබේ කාඩ්පතේ මුදල් තිබෙනවනම් එම මුදලට සරිලන ලෙස ඔබට PayPal වෙතින් ඕනෙම ගෙවීමක් කරන්න පුළුවන්. එතනදි PayPal කරන්නෙ ඔබේ කාඩ්පතෙන් මුදල් හර කරගෙන ඍජුවම ඔබ මුදල් ගෙවන්නාගෙ ගිණුමට ඒ මුදල් බැර කිරීම. එම නිසා PayPal හි දැක්වෙන ශේෂය හැම විටම දිස්වන්නෙ USD 0.00 ලෙසයි.
    2. අපි ebay වෙතින් භාණ්ඩයක් මිල දී අරං PayPal වෙතින් ඒ සඳහා ගෙවීම කළාට පසුව අපේ email ගිණුමට ලැබෙන එම ගණුදෙනුවෙ ලදුපතේ (receipt එකේ) අපේ Shipping Adress එක තියෙන තැන බැලුවොත් ඔබට පෙනෙයි ඊට ඉදිරියෙන් Unconfirmed කියලා සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කලබල වෙන්න එපා. අපි අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත්, ඔය සඳහන් වෙන ලිපිනයට ඔබේ භාණ්ඩ ලැබෙනවා. (USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ) ඒ නිසා ඔබේ ලිපිනය Unconfirmed ලෙස සටහන් වී තිබුණට ගැටළුවක් නෑ.


    අද කුප්පිය

    හ්ම්... දැන් එහෙනම් අද කුප්පිය පටන්ගමු. eBay වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා හොයලා බලන්න කලින්, අපි බලන්‍න එපැයි එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවද කියලා. ඔව්, එහෙම වීමේ ඉතාම ඉතාම ඉතාම සුළු හැකියාවක් තියෙනවා.  ගොඩාක් කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් ලෙස කිව්වොත් 1% ක පමණ හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් වෙන්න.

    හැබැයි ඉතිං ඒ වගේ දෙයක් උනා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.

    එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්‍රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
    අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙ Replacement Item එකක් එවනවා කියලා.

    මේ විකල්ප දෙකින් එකක් තෝරාගෙන අපිට සිදුවුනු පාඩුව මඟහරවාගැනීමට අපි යම් පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එය කරන්නෙ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු.


    eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩයක් අප වෙත ලැබෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?
    • මෙය මීට පෙරත් අප සාකච්ඡා කළා. භාණ්ඩයක් අප වෙත ලැබෙන්න යන කාලය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. Seller ඉන්න රට, අපිට භාණ්ඩය එවන තැපැල් සේවාව වගේ දේවල් මත එය රඳා පවතිනවා. කොහොම නමුත් බොහෝ භාණ්ඩ සතියක් දෙකක් ඇතුලත අප වෙත ලැබෙනවා.

    භාණ්ඩයක් අප වෙත නොලැබුණු ලෙස අප සැලකිය යුත්තේ කොපමණ කාලයකට පසුද?
    • ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරයේ (Item description එකේ) සඳහන් වෙනවා එම භාණ්ඩය එක් එක් රට වලට ලැබීමට ගතවන කාලය. එවැනි භාණ්ඩ නොලැබුණු ලෙස සැලකිය යුත්තේ ඒ සඳහන් කර ඇති කාලයට පසුයි. එලෙස සඳහනක් නොමැති භාණ්ඩ සාමාන්‍යයෙන් දින 21 සිට උපරිම ලෙස දින 28 ක් යන තුරුත් නොලැබුණහොත් එම භාණ්ඩය නොලැබුණු ලෙස අපට සලකන්න පුළුවන්.

    භාණ්ඩයක් දෝෂ සහිත ලෙස අප සැලකිය යුත්තේ කොහොමද?
    • eBay හි ඇති සෑම භාණ්ඩයකටම අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලාගන්න පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එම විස්තරයේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා වෙනස් නම් හෝ, ඔබට ලැබුණු භාණ්ඩය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ඔබට එය දෝෂ සහිත භාණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්.

    භාණ්ඩයක් අප වෙත නොලැබුණු බව හෝ ලැබුණු භාණ්ඩය දෝෂ සහිත බව තහවුරු කරගත් පසු අප කළ යුත්තේ කුමක්ද?
    • මෙවැනි අවස්ථාවක අප මුලින්ම කළ යුත්තේ මේ පිළිබඳ අදාළ භාණ්ඩයේ Seller ට දැනුම් දීම. මෙය කරන්නෙ මෙහෙමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිසෙන්න. ඉන්පසු එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Contact Seller යන්න තෝරන්න.
    • මෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්.

    මේ පිළිබඳ Seller ව දැනුවත් කළ පසු සිදුවන්නේ කුමක්ද?
    • නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එ‍හි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා.

    දෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ගැනීමට එම භාණ්ඩය නැවත Seller වෙත යැවිය යුතුද?
    • මෙය රඳාපවතින්නෙ Seller මතයි. අපි භාණ්ඩය දෝෂ සහිත බව Sellerට පැමිණිලි කළ පසු ඇතැම් Sellersලා අපෙන් ඉල්ලනවා Refund එකක් දීමට හෝ Replacement Item එකක් එවීමට නම්, දෝෂ සහිත භාණ්ඩය ඔවුන් වෙත නැවත එවන ලෙස. එලෙස ඉල්ලුවහොත් අපිට එම දෝෂසහිත භාණ්ඩය නැවත එම Sellerගේ ලිපිනයට තැපෑලෙන් යැවීමට සිදුවෙනවා. (නමුත් කලබල වෙන්න එපා. දෝෂ සහිත භාණ්ඩයක් අප වෙත ලැබීමේ ඉඩකඩ ඉතාම අඩුයි. එහෙම ලැබුණත් දෝෂ සහිත භාණ්ඩය නැවත එවන ලෙස ඉල්ලන්නෙ ඉතාම සුළු Sellersලා පිරිසක් විතරයි.)

    මේ පිළිබඳව Seller ව දැනුවත් කළ පසු Seller ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් මොකද කරන්‍නෙ?
    • භාණ්ඩ නොලැබීම පිළිබඳව හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබීම පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත් සමහර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගන්නෙ නෑ. මෙලෙස වුනොත් අපිට මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්න පුළුවන්.

    මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්නෙ කොහොමද?
    • මෙය කරන්නෙත් ඉහතදී Seller ව දැනුවත් කළ ආකාරයටමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල පරිදිම එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Resolve a problem යන්න තෝරන්න.
    • මෙලෙස තේරූ විට ඔබට දිස්වෙයි මෙන්න මෙවැනි ගැටළු කීපයක්. එයින් ඔබට අදාළ ගැටළුව තෝරා ගන්න.


    • අදාළ ගැටළුව තේරූ විට ඊළඟට දිස්වන පිටුවෙන් ඔබෙන් අහයි ඔබ මේ පිළිබඳව Seller ව දැනුවත් කළාද යන වග. අපි දැනටමත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' ලෙස පිළිතුරු දෙන්න. එවිට ඔබ වෙත දිස්වෙයි Online Case එකක් ඇරඹිය හැකි පහත දැක්වෙන පිටුව. එහි ඇති 'Open a case online' තේරීමෙන් ඔබට Online Case එකක් open කර අදාළ තොරතුරු ලබා දී දින කීපයක් ඇතුලත ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.


    Online Case එකක් කියන්නෙ මොකක්ද?
    • හිතන්න අපේ සාමාන්‍ය වෙළඳපොළ ගැන. අපි වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ‍ගෙන ඒ භාණ්ඩය දෝෂ සහිත නම් අපි එය මුලින්ම අරං යන්නෙ ගත්ත වෙළෙන්ඳා ලඟටනෙ. ඒ වෙළෙන්ඳා ඒ දෝෂ සහිත භාණ්ඩය බාරගෙන ඒ වෙනුවට වෙන භාණ්ඩයක් දුන්නෙ නැත්තම් හෝ ඒ භාණ්ඩයේ මිල අපිට නැවත ගෙව්වෙ නැත්තම් අපි මොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න වෙනවා. ඕනෙ නම් අපිට ඒ ගැන නඩු කියන්න උනත් පුළුවන්. ඒ වුනත් සාමාන්‍ය වෙළඳ පොළේ සිදුවන ඒ වගේ අලාභ පියවගන්න අපි නඩුදාන්න ගියෙ නැතත් eBay ගණුදෙනුවකදි අපිට සිදුවන අලාභයක් පියවගන්න නම් අපිට ලේසියෙන්ම නඩුවක් දාලා ලේසියෙන්ම ඒ අලාභය පියවගන්න පුළුවන්. ඔන්න ඔහොම eBay තුළ අපට වුනු අලාභයක් පියවගන්න අපි අන්තර්ජාලය හරහා දාන නඩුවකට තමයි Online case එකක් කියන්නෙ.
    • මෙතනදි පැමිණිලිකරු වෙන්නෙ අපි (Buyer). වගඋත්තරකරු වෙන්නෙ Seller. eBay අඩවිය තමයි විනිශ්චයකරු ලෙස ක්‍රියා කරන්නෙ. ඉහත කියලා දීපු විදියට Online Case එකක් open කළාම eBay අඩවිය උත්සාහ කරනවා Seller ලවා අපට සිදුවුනු පාඩුව පියවලා දෙන්න. ඒත් eBay අඩවියටත් නොහැකි වුනොත් මේ පිළිබඳ Seller ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න, එතකොට මොකද දන්නවද වෙන්නෙ? අන්න එතකොට මේ නඩුවෙ විනිශ්චයකරු වන eBay අඩවිය ඉදිරිපත් වෙනවා අපිට සිදුවුනු අලාභය පියවන්න. (සැබෑ ජීවිතෙත් විනිශ්යකාරවරු ඔය විදියට පැමිණිලිකරුවන්ගෙ අලාභ පියවන්න ගියොත් මරුනේ...? හික්ස්! ) එහිදී ඔබේ නඩුව අවසානයෙදී කෙලෙස හෝ ඔබේ අලාභය පියවෙන ආකාරයේ තීන්දුවක් ඔබට ලැබෙනවා.

    eBay Buyer Protection කියන්නෙ මොකක්ද?
    • ඔබ eBay අඩවියට යන එන විට නිතර දකින්න ඇති eBay Buyer Protection කියලා හැම තැනම දිස්වෙනවා. ඔන්න ඔය eBay Buyer Protection එකෙන් තමයි අර කිව්ව දේ වෙන්නෙ. භාණ්ඩ මිලදී ගැනීමේ ගැටළුවකට අදාළ භාණ්ඩයේ Seller විසඳුමක් ලබා නොදුනහොත් ඒ සඳහා eBay අඩවිය මැදිහත් වී විසඳුමක් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
    • බොහෝ විට මෙහිදී අවසානයේ Buyer ට එනම් අපිට Full Refund එකක් ලැබෙනවා. නමුත් මේ refund එක ලැබෙන්නෙ මුදල් හැටියට නෙමෙයි. කූපනයක් (Coupon එකක්) හැටියට. හිතන්න ඔබට $13 ක භාණ්ඩයකින් අලාභයක් සිදුවෙනවා කියලා. එවිට ඔබට eBay Buyer Protection වෙතින් පහත දැක්වෙන ආකාරයේ $13 ක Coupon එකක් ලැබෙනවා. එවිට ඔබ ඊළඟට මිලදී ගන්නා භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීමට ඔබට මෙම කූපනයේ ඇති Redemption Code යන කේතය යොදාගන්න පුළුවන්.


    eBay ගණුදෙනු වලින් අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්ද?
    • අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ අලාභ පියවාගැනීමටත් පුළුවන්. ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් නම් ඔබට කිසිදිනෙත eBay ගණුදෙනු වලින් අලාභයක් සිදු වෙන්නෙ නෑ. eBay ගණුදෙනු වලින් සිදුවුනු අලාභ ගැන ඔබට යම් කෙනෙක් කිව්වොත් එකත් එකටම ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන නොදන්නා කෙනෙක්. ඉතිං දැන් ඔබ අලාභ පියවාගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත් නිසා ඔබට බය නැතුව eBay ගණුදෙනු කරගෙන යන්න පුළුවන්.


    හ්ම්... ඔන්න අදට කුප්පිය නිමා කරන්නයි යන්නෙ. මං හිතන්නෙ අද කුප්පියෙන් ඔයාලා හැමෝන්ටම වැදගත් වෙන කරුණු ගනණාවක් ගැන කතාබහ උනා. සාරාංශයක් වශයෙන් කියන්න තියෙන්නෙ, eBay වෙතින් අපි කරන ගණුදෙනු වලින් අපිට මොනම ආකාරයේවත් පාඩුවක් සිදුවෙන්නෙ නෑ. (අත්දුටුවයි.. සහතිකයි..) අපට සිදුවන පාඩු පියවීමට eBay අඩවිය සැමවිටම සැදී පැහැදී ඉන්නවා. ඉතිං හැමෝම බය නැතුව eBay සමඟ ගණුදෙනු කරන්න. බය වෙවී හිටියොත් ඔබට කවදාවත් eBay වෙතින් ගණුදෙනු කිරීමේ වාසි අත්විඳින්න ලැබෙන එකක් නෑ. ඒ වගේම මේ දේවල් ගැන ඔබේ අත්දැකීමෙන්ම දැනුම ලබාගන්න. ගැටළු මතුවුනොත් අහන්න පසුබට වෙන්න එපා.

    මේ ලිපි පෙළ මෙතෙක් දුර ලියාගෙන ආවෙ මෙතෙක් ලියූ හැම ලිපියකටම ඔයාලා හැමෝම ලබාදුන් නොමසුරු ප්‍රතිචාර නිසා. ඉතිං මෙතෙක් කල් ඒ සෑම ලිපියකට ප්‍රතිචාර එක් කළ හැමෝටම මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් ඔයාලා හැමෝම වැඩි වැඩියෙන් ප්‍රයෝජනයක් ලබනවනම් මට ගොඩක් සතුටුයි.  ඉතිං ඔබේ eBay ගණුදෙනු හා සම්බන්ධ අත්දැකීම් හැමෝගෙම ප්‍රයෝජනය සඳහා අප හා බෙදා ගන්නා ලෙසත් පුංචි ඇරයුමක් කරන්න කැමතියි.


    eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු!

    ලිපි මාලා අංක 22ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො. 


    ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 123 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ අපි දැනුම ලබාගන්න විධි 2ක් තියෙනවනෙ. එකක් තමයි දැනට පවතින දැනුම් ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගැනීම. අනෙක තමයි තමන් විසින්ම අත්හදා බලලා අත්දැකීම් තුළින් දැනුම ලබාගැනීම. ඔය කියන දෙවිධියෙන් eBay කියන්නෙ මොකද්ද?සම්පත් webcard කියන්නෙ මොකද්ද, ඒක ලබාගන්නෙ කොහොමද? සහ Paypal වෙතට එම webcard පත link කරන්නෙ කොහොමද? කියන කාරණා මම දැක්කෙ පළවෙනි ගණයට වැටෙන දේවල් විධියට. මොකද මුදල් සම්බන්ධ දෑ වලදි අත්දැකීමෙන් දැනුම ලබාගන්න ගිහිං අමාරුවෙ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. (හැබැයි ඉතිං මං මේවා ඉගෙනගත්තෙ නම් 2 වෙනි විදියට තමයි) නමුත් අද මං මේ කියන්න යන eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් තෝරාගැනීම කියන දේ මම දැක්කෙ තමන්ම අත්හදා බලලා අත්දැකීමෙන් ඉගෙනගන්න ඕන දෙයක් විදියට. ඉතිං එහෙම තමන්ටම අත්හදා බලලා ඉගෙනගන්න යම් කාලයක් දෙන්න ඕන නිසා තමයි ඕනෑවටම මේ ලිපිය ටිකක් ප්‍රමාද කළේ. ඊට අමතරව ඉතිං මට ටිකක් වැඩ වැඩි වීමත් ප්‍රමාදයට හේතුවක් උනා කියලත් අවංකව කියන්න ඕනෙ. 

    අද ලිපිය පටන් ගන්න කලින් කරන්න පුංචි ස්තූතිකිරීම් ටිකකුත් තියෙනවා. පසුගිය Techකතා 52 වෙනි වැඩසටහනෙදි eBay සහ PayPal සම්බන්ධව අසා තිබූ පැණයකට පිළිතුරු ලෙස මගේ eBay ලිපි මාලාව පිළිබඳ සඳහනක් කළ සහ Techකතා අඩවියෙ තුළ මගේ eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 යන ලිපියට සබැඳියක් (link එකක්) පළ කල Techකතා වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමට මගේ අවංක ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම cPlus නම් තොරතුරු තාක්ෂණ සඟාරාවෙ මගේ ඉහත ලිපියම මුද්‍රිත ලිපියක් ලෙස පළ කිරීම ගැන එම සඟරාවෙ ප්‍රධාන කර්තෘ දසුන් සමීර සොයුරාටත් මගේ ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම මෙම ලිපි මාලාවෙ කලින් ලිපි 3 සඳහාම විශාල ලෙස ප්‍රතිචාර එක් කළ පාඨක ඔබ සියළු දෙනාටත් ප්‍රතිචාර තුළදී ඔබ අසා තිබූ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මා හා හවුල් උනු lohitha යන සොයුරාටත් මගේ ස්තූතිය එලෙසින්ම හිමි වෙනවා.

    හ්ම්......! සර් කෙනෙක් පංතියකට ආවත් මුලින්ම පාඩම පටන් ගන්නෑනෙ... මුලින් ඔය අනං මනං ටිකක් දොඩවනවනෙ... ඔන්න ඉතිං මගෙත් අනං මනං දෙඩවිල්ල ඉවරයි.  දැන් අපි කුප්පිය පටන් ගමු.

    සම්පත් webcard පතක් අරගෙන PayPal වෙත link කරලා, දැනටම වැඩේ පටන් අරං තියෙන අය මේ වන විටත් අත්දැකීමෙන්ම ඉගෙනගෙන ඇති අද කතාකරන්න යන දේවල් බොහෝමයක්. නමුත් ලිපි මාලාවෙ සම්පූර්ණත්වය සඳහා පිළිවෙළින් එකේ ඉඳං කියන්නම්. ඒ අතර ඔබ නොදන්නා දෑත් ඇති. ඒ නිසා ලිපිය මුළුමනින්ම කියවන්න.


    eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
    • eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.

    ප්‍රධාන සෙවුම් තීරුව

    • ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.

    All items, Auctions only සහ Buy it Now only යන ටැබ
    • Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
    • Auctions only - මං මුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිං සාමාන්‍ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා. මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි. 
    • All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.

    [Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැන මං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක් ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now only කියන ටැබය තෝරා සෙවීම කරන්න.]


    සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
    • eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.

    මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
    • Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.
    • Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

      අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
      • Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
      • Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
      • Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
      • Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
      • Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
      • Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.

      මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)


      Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර

      ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

      Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.

      Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

      Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.

      Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

      Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.

      Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

      Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)


      සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
      • අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.

      උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.
      • Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
      • Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
      • Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
      • Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
      • Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
      • Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
      • PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
      • Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
      • EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
      • Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

      ‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.

      මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)

      • අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case

      ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

      • මේ විදියට: portable hard disk -case -box -battery -bracket

      අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.

      ~
      ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා.  මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොම කියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයි ලිපිය දිග වැඩි වෙන්නෙ.  මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදා බැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේ හැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.

      ඉතිං මේ ලිපියත් ඔබට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න තියෙනවනම් ඕනම දෙයක් අහන්න. කලින් ලිපි වල අහපු හැම ප්‍රශ්නයකටම මං හිතන්නෙ මං මගේ දැනුමෙ හැටියට පිළිතුරු දුන්නා. (දන්නැත්නම් දන්නෑ කියලත් කිව්වා..)

      එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබ තෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල්‍ ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය. ඒ ලිපිය ලියන කල් මඟ බලාගෙන ඉන්න. ඉක්මණටම ලියන්නම්